සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර සැපයීම, පෝෂණීය ගුණය ආරක්ෂා වන ලෙස ආහාර සැකසීම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහන හා ප්‍රදර්ශනය

කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්ගේ සංකල්පයකට අනුව පවත්වනු ලබන " සුව දිවිය " ඒකාබද්ධ සෞඛ්‍යය  වැඩසටහන යටතේ දිසා අංක 05 වැල්ලවත්ත (හැව්ලොක් නගරය) සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ,  උද්‍යානපුර පෙර පාසලේ දී  සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර සැපයීම, පෝෂණීය ගුණය ආරක්ෂා වන ලෙස ආහාර සැකසීම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් හා ප්‍රදර්ශනයක්  පවත්වන ලදි. එමඟින් පෝෂණීය ගුණය ආරක්ෂා වන ලෙස විවිධ වර්ගයේ ආහාර පිළියෙළ කිරීම  පිළිබඳව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ගෘහණියන් විශාල පිරිසක් දැනුවත් කරන ලදී.