වෛද්‍ය සායන පැවැත්වීම

කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්ගේ සංකල්පයකට අනුව පවත්වනු ලබන “සුව දිවිය”  ඒකාබද්ධ සෞඛ්‍ය වැඩසටහන යටතේ දිසා අංක 01 සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, මෙත්සඳ සෙවන මහල් නිවාසයේදී වෛද්‍ය සායනයක් 2023 ඔක්තෝම්බර් මස 17 වන දින පවත්වන ලදි. විසි පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉලක්ක කර ගනිමින් බෝ නොවන රෝග සඳහා අවදානම් සහිත පිරිස් හඳුනාගැනීම සඳහා මෙම වෛද්‍ය සායනය  පැවැත්වුණි.

තවද, මෙම “සුව දිවිය”  ඒකාබද්ධ සෞඛ්‍ය වැඩසටහන යටතේ ඔක්තෝම්බර් මස 17 වන දින දිසා අංක 05 වැල්ලවත්ත (වැල්ලවත්ත උතුර) සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, මයුර පෙදෙස ලක්මුතු සෙවණ නිවාස සංකීර්ණයෙහි ද රෝග නිවාරණ දෙපාර්තමේන්තුව, ස්වදේශීය  වෛද්‍ය දෙපාර්තමේන්තුව,  වැල්ලවත්ත ඔප්ටීශියන් ආයතනය එක්ව වෛද්‍ය සායනයක් පවත්වන ලදි. එහිදි සහභාගී වු පිරිසයේ ලේ පරීක්ෂාවක් සිදු කරන ලදී. ඔක්තෝම්බර් මස 21 වන දින කොළඹ 06, මැනිං පෙදෙසහි පිහිටි සුභාරංචි දේවස්ථානයේදී දස දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් උදෙසා මාතෘ හා ළමා සුභ සාධන අංශයේ සහාය ඇතිව සුවනාරී පරීක්ෂණ සිදු කරන ලදී.

තවද, “සුව දිවිය”  ඒකාබද්ධ සෞඛ්‍ය වැඩසටහන යටතේ ඔක්තෝම්බර් මස 18 වන දින දිසා අංක 02B  සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, වෑකන්ද කිචිලාන් ප‍්‍රජා ශාලාවේදී පනස් අට දෙනෙකු සඳහා ලය රෝග හදුනා ගැනීමේ වෛද්‍ය සායනයක් ද පවත්වන ලදි.

ඔක්තෝම්බර් මස 19 වන දින දිසා අංක 03 වනාතමුල්ල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, සහස්පුර ප්‍රජා ශාලාවේදී ද සෞඛ්‍යය වැඩමුළුවක් පවත්වන ලද අතර ඒ සඳහා කොළඹ මහා නගර සභාවේ රෝග නිවාරණ දෙපාර්තමේන්තුව, ස්වදේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව සහ අක්ෂි ආරක්ෂණ ආයතනය යන ආයතනයන්හි  සහාය ලැබුණි.

දිසා අංක 01 සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාස

 

දිසා අංක 02B සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාස

 

දිසා අංක 03 සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාස

 

 දිසා අංක 05 සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාස