සුව දිවිය ඒකාබද්ධ සෞඛ්‍ය වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, මහජන ආධාර දෙපාර්තමේන්තුව, රෝග නිවාරණ දෙපාර්තමේන්තුව, දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව හා ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව යන සියලුම දෙපාර්තමේන්තු එකාබද්ධව, නාගරික කොමසාරිස්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන “සුව දිවිය” ඒකාබද්ධ සෞඛ්‍ය වැඩසටහනට සමගාමීව මහජන ආධාර දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ලද කාබනික වගාව ප්‍රචලිත කිරීම හා සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර පිළියෙළ කිරීම පිලිබඳ වැඩසටහන හා සංගීත රසාස්වාදමය වැඩසටහන 2023 ඔක්තෝම්බර් මස 20 වන දින ඩාර්ලි පාර ප්‍රජා මණ්ඩලයේදී පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා සුදුවැල්ල, මාලිගාවත්ත, මාලිගාකන්ද, මරදාන යන ප්‍රදේශ වල ජිවත්වන ජනතාව සහභාගී වු අතර කොළඹ මහා නගර සභාව නියෝජනය කරමින් සභාවේ ප්‍රධාන සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී, පුණ්‍ය කොමසාරිස්, නියෝජ්‍ය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී, ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක, මහජන ආධාර දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සහභාගී විය.