කොළඹ මහා නගර සභාවේ ගිනි නිවීමේ භටයින්ට ඇගයීම සහ ගෞරවය දැක්වීමේ උපහාර උත්සවය

පසුගිය 2023 ඔක්‌තෝබර් මස 27 වැනි දින කොළඹ පිටකොටුව 2 වැනි හරස් වීදියේ පිහිටි සයමහල් ගොඩනැඟිල්ලක රෙදිපිළි අලෙවිසැලක් ගිනි ගත් අවස්ථාවේ ක්‍ෂණිකව ක්‍රියාත්මක වී කිසිඳු ජිවිත හානියක් සිදු වීමට ඉඩ නොදී දැවැන්ත මෙහෙයක් ඉටු කළ කොළඹ මහා නගර සභාවේ ගිනි නිවීමේ භටයින් 45 දෙනෙකු සඳහා උපහාර පිදීමේ උත්සවයක් කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්ගේ ප්‍රධානත්වයෙන් නගර සභා පරිශ්‍රයේදී 2023 ඔක්තෝම්බර් මස 31 වන දින පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා කොළඹ මහා නගර සභාවේ දෙපාර්තමේන්තු/අංශ ප්‍රධානින් හා කාර්ය මණ්ඩල නිලධාරි මහත්ම මහත්මීන් සහභාගී විය.

YouTube link - https://www.youtube.com/watch?v=yC9wl9kJA8o&t=187s