කොළඹ මහා නගර සභා බල ප්‍රදේශයේ ශාක සෞඛ්‍ය අධීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම

පසුගිය ඔක්තෝම්බර් මස 6 වනදා උදෑසන 5 දෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි කරමින් කොල්ලුපිටිය ප්‍රදේශයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුර කා අතරත් කතාබහට ලක් වූ සිදුවීමක් විය. එම අනතුරින් පසුව සියලුම දිසා ඉංජිනේරුවරුන්ගේ අධීක්ෂණයෙන් කොළඹ මහා නගර සභා සීමාවේ ඇති 500කට පමණ ආසන්න වූ අන්තරාදායක සහ සියලුම ගස් පිළිබඳව කොළඹ මහා නගර සභා ඉංජිනේරු දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ඉඩම් කළමනාකරණ සහ පාරිසරික අංශයේ විශේෂ අවධානයක් යොමු විය.

එලෙසින් ක්‍රියාත්මක වූ Tree Health Monitoring System (ශාක සෞඛ්‍ය අධීක්ෂණ පද්ධතිය) වැඩසටහන පසුගිය ඉරිදා(5) දින කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් තුමියගේද සහභාගීත්වයෙන් සිදුවිය. මෙහිදී ගස් පිළිබඳව හැදෑරීම, ගස්වල බාහිර මෙන්ම අභ්‍යන්තර වශයෙන් තත්වය පරීක්ෂා කිරීම හා පූර්ණ, අර්ධ,සුළු වශයෙන් ඒවා කපා ඉවත් කිරීමේ කටයුතු සිදුවිය.මේ සඳහා පේරාදෙණිය උද්භිත උද්‍යානයේ ශාක පිළිබඳ විශේෂඥ වරයෙකුගේ සහය ද ඇතිව සියලුම ප්‍රධාන දිසා ඉංජිනේරුවරුන් ප්‍රමුඛ දිසා ඉංජිනේරුවන්, තාක්ෂණික නිලධාරීන් වැඩ කටයුතු කරමින් සිටි.එමෙන්ම කොළඹ මහා නගර සභාව ප්‍රධානව ආපාදා කළමනාකරණ දෙපාර්තමේන්තුව හා තවත් ආයතන කිහිපයක සහයද මේ සඳහා හිමිවේ.

YouTube link - https://www.youtube.com/watch?v=vIk2V6KUqi4