ලාදුරු සහ බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන


කොළඹ මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, මහජන,ආධාර දෙපාර්තමේන්තුව, රෝග නිවාරණ දෙපාර්තමේන්තුව,දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව හා ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව යන සියලුම දෙපාර්තමේන්තු එකාබද්ධව නාගරික කොමසාරිස්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන “සුව දිවිය”ඒකාබද්ධ සෞඛ්‍ය වැඩසටහනට සමගාමීව දිසා අංක 02A සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය විසින් ක්‍රියාත්මක කරන ලද ලාදුරු සහ බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2023  නොවැම්බර් මස 06 වන දින පංචිකාවත්ත, සංඝරාජ විද්‍යාලයේදී පවත්වන ලදී.