පෝෂදායි ආහාර වේලක් ලබා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, මහජන ආධාර දෙපාර්තමේන්තුව, රෝග නිවාරණ දෙපාර්තමේන්තුව, දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව හා ක්‍රිඩා  හා විනෝදාංශ දෙපාර්තමේන්තුව යන සියලුම දෙපාර්තමේන්තු එකාබද්ධව නාගරික කොමසාරිස්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක  කරනු ලබන “සුව දිවිය” ඒකාබද්ධ සෞඛ්‍ය වැඩසටහනට සමගාමීව දිසා අංක 05 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කාර්යාලය හා වැල්ලවත්ත ළමා හා මාතෘ සුභසාධන මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කරන ලද  පෝෂදායි ආහාර වේලක් ලබා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 නොවැම්බර් මස 08 වන දින වැල්ලවත්ත ළමා හා මාතෘ සුභසාධන මධ්‍යස්ථානයේදී  පවත්වන ලදි.

මෙම වැඩසටහන සඳහා දිසා අංක 05 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මහජන සෞඛ්‍ය නිලධාරින්, වැල්ලවත්ත ළමා හා මාතෘ සුභසාධන මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය සහ ගැබිනි මව්වරුන් විශාල පිරිසක් සහභාගී වුහ.