සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, මහජන ආධාර දෙපාර්තමේන්තුව, රෝග නිවාරණ දෙපාර්තමේන්තුව, දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව හා ක්‍රිඩා  හා විනෝදාංශ දෙපාර්තමේන්තුව යන සියලුම දෙපාර්තමේන්තු එකාබද්ධව නාගරික කොමසාරිස්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක  කරනු ලබන “සුව දිවිය” ඒකාබද්ධ සෞඛ්‍ය වැඩසටහනට සමගාමීව දිසා අංක 01 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ලද සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන 2023 නොවැම්බර් මස 09 වන දින අලුත් මාවතෙහි පිහිටි ශාන්ත අන්තෝනි ප්‍රාථමික විද්‍යාලයේදී පවත්වන ලදී. මෙම වැඩසටහන මඟින් හොඳ සෞඛ්‍ය පුරුදු පිළිබඳව දැනුවත් කරන ලදී.
 
මේ සඳහා දිසා අංක 01 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරුන්, ශාන්ත අන්තෝනි ප්‍රාථමික විද්‍යාලයේ ගුවරුන් සහ 250 පමණ  සිසු දරු දැරියන් සහභාගී වූහ.