පෝෂදායි ආහාර වේලක් ලබා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, මහජන ආධාර දෙපාර්තමේන්තුව, රෝග නිවාරණ දෙපාර්තමේන්තුව, දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව හා ක්‍රිඩා  හා විනෝදාංශ දෙපාර්තමේන්තුව යන සියලුම දෙපාර්තමේන්තු එකාබද්ධව නාගරික කොමසාරිස්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක  කරනු ලබන “සුව දිවිය” ඒකාබද්ධ සෞඛ්‍ය වැඩසටහනට සමගාමීව දිසා අංක 05 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කාර්යාලය විසින් වැල්ලවත්ත, පාමංකඩ බටහිර, 59 වන පටුමගෙහි පිහිටි Star Kid’s පෙර පාසලේදී පෝෂදායි ආහාර වේලක් ලබා ගැනීම පිළිබඳව පෙර පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 නොවැම්බර් මස 10 වන දින පවත්වන ලදි.

මේ සඳහා දිසා අංක 05 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්, සහාය නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, Star Kid’s පෙර පාසලේ ගුරුවරුන් සහ පෙර පාසල් දරුවන්  විශාල පිරිසක් සහභාගී වුහ.