සුව දිවිය වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, මහජන ආධාර දෙපාර්තමේන්තුව, රෝග නිවාරණ දෙපාර්තමේන්තුව, දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව හා ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව යන සියලුම දෙපාර්තමේන්තු එකාබද්ධව, නාගරික කොමසාරිස්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන “සුව දිවිය” ඒකාබද්ධ සෞඛ්‍ය වැඩසටහනට සමගාමීව මහජන ආධාර දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ලද කාබනික වගාව ප්‍රචලිත කිරීම හා සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර සැකසීම පිලිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන 2023 නොවැම්බර් මස  13 වන දින මෝදර මාතෘෘ නිවාසයේදී පෙ.ව. 10.00 සිට ප.ව. 12.00 දක්වා  පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා ගැබිණි මව්වරුන් 120ක් පමණ සහභාගී වු අතර, කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය නිලධාරි, එම දෙපාර්තමේන්තුවේ ආයුර්වේද වෛද්‍යවරුන්, පුණ්‍ය කොමසාරිස්, ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක, මහජන ආධාර දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලය හා ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලය ද සහභාගී විය.