සරම්ප රෝග පිළිබඳව දැනුවත් කිරීමේ සහ පෝෂණ වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, මහජන ආධාර දෙපාර්තමේන්තුව, රෝග නිවාරණ දෙපාර්තමේන්තුව, දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව හා ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව යන සියලුම දෙපාර්තමේන්තු එකාබද්ධව, නාගරික කොමසාරිස්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන “සුව දිවිය” ඒකාබද්ධ සෞඛ්‍ය වැඩසටහනට සමගාමීව දිසා අංක 05 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ලද සරම්ප රෝග පිළිබඳව දැනුවත් කිරීමේ සහ පෝෂණ වැඩසටහන 2023 නොවැම්බර් මස 14  වන දින වැල්ලවත්ත, grand monarch පෙර පාසලේදී  පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා දිසා අංක 05 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, grand monarch පෙර පාසල්  ගුරුවරුන් සහ දරුවන්  විශාල පිරිසක් සහභාගී වුහ.