ක්‍ෂය රෝගය පිළිබඳ සහ පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, මහජන ආධාර දෙපාර්තමේන්තුව, රෝග නිවාරණ දෙපාර්තමේන්තුව, දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව හා ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව යන සියලුම දෙපාර්තමේන්තු එකාබද්ධව නාගරික කොමසාරිස්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන “සුව දිවිය” ඒකාබද්ධ සෞඛ්‍ය වැඩසටහනට සමගාමීව දිසා අංක 05 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ලද ක්‍ෂය රෝගය පිළිබඳ සහ පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 නොවැම්බර් මස  15  වන දින කොළඹ 06,වැල්ලවත්ත උතුර,  W. A. සිල්වා මාවතේ පිහිටි ශ්‍රී ලංකාධාර වැඩිහිටි නිවාසයේදී පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා දිසා අංක 05 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,  සෞඛ්‍ය උපදේශක, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, ශ්‍රී ලංකාධාර වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් විශාල පිරිසක් සහභාගී වුහ.