‍‍ජාත්‍යන්තර ප්‍රමිතීන් හා අනුගත වූ නාගරික සංවර්ධනය පිළිබඳ දේශනය

‍‍ගෝලීය නව ප්‍රවණතාවයන්ට සමගාමීව කොළඹ නගරය පරිවර්තනිය නගරයක් බවට පත් කිරීමේ ජාතික වැඩසටහන් කීපයක් කොළඹ මහා නගර සභාව විසින් ආරම්භ කර ක්‍රියාත්මක කරමින් පවතින අතර, ඊට සමගාමීව කොළඹ මහා නගර සභාවේ නිලධාරින් සඳහා නාගරික කොමසාරිස් තුමියගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ ජාත්‍යන්තර ප්‍රමිතීන් හා අනුගත වූ නාගරික සංවර්ධනය පිළිබඳ දේශනයක් කොළඹ මහා නගර සභාවේ නව ශ්‍රවනාගාරයේ 2023 නොවැම්බර් මස 23 වන දින උදෑසන 10.30ට පවත්වන ලදී.

මෙම දේශනය ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් හා විශ්‍රාමික සහකාර මහා බැංකු අධිපතිවරයෙකු වූ සී.පී.ඒ. කරුණාතිලක මහතාගේ මෙහෙයවීමෙන් පවත්වනු ලැබිණි. මේ සඳහා නාගරික කොමසාරිස්, සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්, අධ්‍යක්ෂ ඉංජිනේරුවරුන්, නියෝජ්‍ය දෙපාර්තමේන්තු/අංශ ප්‍රධානීන්, දිස්ත්‍රික් ඉංජිනේරුවරුන් හා කොළඹ මහා නගර සභා නිලධාරින් සහභාගී වන ලදී.