කාර්යාල කළමනාකරණය හා ආශ්‍රිත කරුණු පිළිබඳ පුහුණු වැඩමුළුව

කොළඹ මහා නගර සභාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්ත්තු විසින් කාර්යාල කළමනාකරණය හා ආශ්‍රිත කරුණු පිළිබඳ පුහුණු වැඩමුළුවක් කොළඹ මහා නගර සභාවේ සහශ්‍ර මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී 2023 නොවැම්බර් මස 28, 29 හා 30 වන දිනයන්හිදී පවත්වන ලදී. මෙම පුහුණු වැඩමුළුවෙන් විනය හා හැසිරීම, කාර්යාල කළමනාකරණය හා ලිපිගොනු කළමනාකරණය පිළිබඳව දැනුම ලබාදෙන ලදී.

 

මේ සඳහා ප්‍රධාන ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රධාන ලේකම් - පුහුණු, එච්.එ. සුජාන් ජිසන්ත මහතා හා බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී, අරුණ රාජරත්න මහතා සම්පත්දායකත්වය සපයන ලදී. මෙම වැඩමුළුව සඳහා කොළඹ මහා නගර සභාවේ විවිධ දෙපාර්තමේන්තුවල සේවය කරන කළමනාකරණ සේවා නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් සහභාගී වුහ.