පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, මහජන ආධාර දෙපාර්තමේන්තුව, රෝග නිවාරණ දෙපාර්තමේන්තුව, දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව හා ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව යන සියලුම දෙපාර්තමේන්තු එකාබද්ධව නාගරික කොමසාරිස්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන “සුව දිවිය” ඒකාබද්ධ සෞඛ්‍ය වැඩසටහනට සමගාමීව දිසා අංක 02A  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 නොවැම්බර් මස 28 වන දින නවගමිපුර ශාන්ත අන්තෝනි පෙර පාසලේදී පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා දිසා අංක 02A  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ සෞඛ්‍ය උපදේශකවරුන්, නවගමිපුර ශාන්ත අන්තෝනි පෙර පාසලේ දරුවන්ගේ මවිවරුන් සහ ගුරුවරුන් විශාල පිරිසක් සහභාගී වුහ.