Customer Care and Service Excellence පුහුණු වැඩමුළුව

කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්ගේ සංකල්පයකට අනුව මහජනතාවට වඩාත් පහසු සේවයක් සැපයීමට Customer Care ඒකකයක් නිර්මාණය කර ඇති අතර එම කණ්ඩායමේ සාමාජිකයන් හා මහජනතාව සමඟ සෘජුව සම්බන්ධවී රාජකාරී සිදු කරන කාර්යය මණ්ඩලය හට Customer Care and Service Excellence පුහුණු වැඩමුළුවක් කොළඹ මහා නගර සභාවේ සහශ්‍ර මධ්‍යස්ථානයේ ශ්‍රවනාගාරයේ 2023 දෙසැම්බර් මස 6 හා 7 යන දෙදින පවත්වන ලදී.

මෙම පුහුණු වැඩමුළුවෙන් මහජන සත්කාරය යනු කුමක්ද?, මහජන සත්කාරය වැදගත් ඇයි?, රාජ්‍ය සේවය යනු කුමක්ද?, මහජනතාව සමඟ ගනුදෙනු කිරීමේ වෘත්තීය ආචාර ධර්ම, දුරකථන භාවිතයේ මූලික ආචාර ධර්ම හා ආවේගශීලී ගනුදෙනුකරුවන් සමඟ කටයුතු කිරීමේ කලාව පිළිබඳව දැනුම ලබාදෙන ලදී. මේ සඳහා සේවක අභිප්‍රේරණය හා සම්බන්ධ කීර්තිමත් දේශකයෙකු වන Life Skill Academy ආයතනයේ මොහාන් පල්ලියගුරු මහතා විසින් සම්පත්දායකත්වය සපයන ලදී.