වෛද්‍ය පරීක්ෂණයක් සහ පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීම පිළිබඳ පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, මහජන ආධාර දෙපාර්තමේන්තුව, රෝග නිවාරණ දෙපාර්තමේන්තුව, දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව හා ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව යන සියලුම දෙපාර්තමේන්තු එකාබද්ධව නාගරික කොමසාරිස්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන “සුව දිවිය” ඒකාබද්ධ සෞඛ්‍ය වැඩසටහනට සමගාමීව දිසා අංක 02A  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන පාසල් වෛද්‍ය පරීක්ෂණය සහ පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීම පිළිබඳව පාසල් ළමුන්  දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 දෙසැම්බර් මස  12 වන දින කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා දිසා අංක 02A  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය උපදේශක, කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් සහ සිසු දරු දැරියන් විශාල පිරිසක් සහභාගී වුහ.