මත් ද්‍රව්‍ය සහ ළමා අපචාර පිළිබදව දැනුවත් කිරිමේ වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, මහජන ආධාර දෙපාර්තමේන්තුව, රෝග නිවාරණ දෙපාර්තමේන්තුව, දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව හා ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව යන සියලුම දෙපාර්තමේන්තු එකාබද්ධව නාගරික කොමසාරිස්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන “සුව දිවිය” ඒකාබද්ධ සෞඛ්‍ය වැඩසටහනට සමගාමීව දිසා අංක 02A  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන මත් ද්‍රව්‍ය සහ ළමා අපචාර  පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 දෙසැම්බර් මස 13 වන දින අන්තරායකර ඹෟෂධ පාලන මණ්ඩලයේ නිලධාරිනියකගේ සම්පත් දායකත්වයෙන් ගුණසිංහපුර විද්‍යාලයේදී පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා දිසා අංක 02A  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ සෞඛ්‍ය උපදේශකවරුන්, ගුණසිංහපුර විද්‍යාලයේ දරුවන්ගේ දෙමව්පියන් සහ ගුරුවරුන් විශාල පිරිසක් සහභාගී වුහ.