Dialog ආයතනයෙහි Customer Care සිදුවන ආකාරය පිළිබඳ ක්ෂේත්‍ර නිරීක්ෂණය

කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්ගේ සංකල්පයකට අනුව මහජනතාවට වඩාත් පහසු සේවයක් සැපයීමට Customer Care ඒකකයක් නිර්මාණය කර ඇති අතර එම කණ්ඩායමේ සාමාජිකයන් හා මහජනතාව සමඟ සෘජුව සම්බන්ධවී රාජකාරී සිදු කරන කාර්යය මණ්ඩලය හට Customer Care and Service Excellence පුහුණු වැඩමුළුවක් මින් පෙර පවත්වන ලදී. ඊට වැඩිනමක් වශයෙන් Customer Care පිළිබඳව ප්‍රායෝගිකව හා ගුණාත්මකව ක්‍රියාත්මකවන පෞද්ගලික ආයතනයක් වන Dialog ආයතනය වෙත 2024.01.10 දින ක්ෂේත්‍ර නිරීක්ෂණයක් කරන ලදී. එහිදී Dialog ප්‍රධාන කාර්යාලයෙහි පාරිභෝගියන් හා කටයුතු කරන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා නිලධාරීන් 5 දෙනෙකු හා Dialog ඇමතුම් මධ්‍යස්ථානයේ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය සඳහා නිලධාරීන් 15 දෙනෙකු වශයෙන් ක්ෂේත්‍ර චාරිකාවන් සිදු කරන ලදී.