නාරාහෙන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ Customer Care සිදුවන ආකාරය පිළිබඳ ක්ෂේත්‍ර නිරීක්ෂණය

කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්ගේ සංකල්පයකට අනුව මහජනතාවට වඩාත් පහසු සේවයක් සැපයීමට Customer Care ඒකකයක් නිර්මාණය කර ඇති අතර එම කණ්ඩායමේ සාමාජිකයන් හා මහජනතාව සමඟ සෘජුව සම්බන්ධවී රාජකාරී සිදු කරන කාර්යය මණ්ඩලය හට Customer Care and Service Excellence පුහුණු වැඩමුළුවක් මින් පෙර පවත්වන ලදී. ඊට වැඩිනමක් වශයෙන් Customer Care පිළිබඳව ප්‍රායෝගිකව හා ගුණාත්මකව ක්‍රියාත්මකවන රජයේ ආයතනයක් වන නාරාහෙන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය වෙත 2024.01.26 දින ක්ෂේත්‍ර නිරීක්ෂණයක් කරන ලදී. එහිදී එම ආයතනයේ පහත ස්ථානයන්හි පාරිභෝගික සත්කාරය සිදුවන ආකාරය පිළිබඳව ආවරණය කෙරිණි.

1. වෙළද වාහන නව ලියාපදිංචි අංශය

2. ⁠යතුරු පැදි නව ලියාපදිංචි අංශය

3. ⁠යතුරු පැදි පැවරුම් ලියාපදිංචි. අංශය

4. වෙළද වාහන පැවරුම් ලියාපදිංචි   අංශය

5. කාර්මික අංශය සහ අංක තහඩු අංශය

6. ⁠ත්‍රීරෝද රථ පැවරුම් අංශය

7. ⁠ ලොරි/ බස් පැවරුම් අංශය

8. ⁠නීතී අංශය

9. ⁠ තැපැල් අංශය

10. ⁠කාර් පැවරුම් අංශය