Think as an Entrepreneur – Think as an Economist මාසික සංවාදශීලී දේශනය

රාජ්‍ය නිලධාරීන් වශයෙන් ගතානුගතික සිතුවිලිවලින් ඔබ්බට ගොස් ව්‍යවසායකයෙකුගේ හා ආර්ථික විශේෂඥයෙකුගේ චින්තනයෙන් යුක්තව සේවයේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමටත් ඒ අනුව නිලධාරින් තුල ආකල්පමය වෙනසකින් යුක්ත දැක්මක් ගොඩනඟා කොළඹ මහා නගර සභාව වඩාත් ඵලදායී සේවා සපයන ආයතනයක් බවට පත්කිරිම සඳහාත් සංවාදශීලී දේශනයක් කොළඹ මහා නගර සභාවේ නව නගර ශාලා ශ්‍රවනාගාරයේ 2024.01.31 දින පවත්වන ලදී. මේ සඳහා කොළඹ මහා නගර සභාවේ සියලුම දෙපාර්තමේන්තුවල, අංශවල හා දිස්ත්‍රික් කාර්යාලවල සේවය කරන මාණ්ඩලික නිලධාරීන් සහභාගී වන ලදී. මේ සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු සහකාර අධිපති සහ බැංකුකරුවන්ගේ ආයතනයේ සභාපති සී.පී.ඒ. කරුණාතිලක මහතා සම්පත්දායකත්වය සපයන ලදී.