මහාමාන්‍ය ඩි. එස්. සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවය

76 වන නිදහස් දින සමරු උළෙල නිමිත්තෙන් මහාමාන්‍ය ඩී. එස්. සේනානායක පිළිරුවට මල්දම් පැළඳවීම හා පුෂ්පෝපහාර පිරිනැමීම 2024 පෙබරවාරි මස 04 වන දින පෙ.ව. 06.30ට නිදහස් වතුරශ්‍රයේ පිහිටි මහාමාන්‍ය ඩී. එස්. සේනානායක පිළිරුව අබියස දී  සිදු කෙරුණි.

මේ උත්සවයට ඩී. එස්. සේනානායක පදනමේ සභාපති ගරු අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමා,අධ්‍යාපන අමාත්‍ය  ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, හිටපු අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමා, කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ජේ.එම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, කොළඹ මහා නගර සභාවේ නිලධාරීන්, ඩී. එස්. සේනානායක පදනමේ නියෝජිතයන් සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරින් විශාල පිරිසක් ඒ සඳහා සහභාගි වුහ.