ගිනි නිවාරණය හා ප්‍රථමාධාර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

මාදම්පිටිය කාර්මික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන සිසු දරුවන් සඳහා හදිසියේ ඇතිවන ගින්නකදී, හදිසි අනතුරකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ එක් දින දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024.02.05 දින පවත්වන ලදී. මේ සඳහා සිසු දරුවන් 40 ක් පමණ සහභාගී වූ අතර කොළඹ මහා නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ පුහුණු නිලධාරීන් වන අබේවික්‍රම, සම්පත් හා උදයන්ත යන මහත්වරුන් ඒ සඳහා සම්පත්දායකත්වය ලබාදුනි.