අල්ලස හා දූෂණය නැති කිරිම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුව

විවෘත හා වගකිව යුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශය අනුව අල්ලස, දූෂණය, නාස්තිය, අක්‍රමවත් බව නැති කිරීම සහ අල්ලස් හා දූෂණය අවම කිරීමට සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීම වෙනුවෙන් පුහුණු වැඩමුළුවක් කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්තුමියගේ ප්‍රධානත්වයෙන් 2024.02.15 දින නව නගර ශාලාවේදී පවත්වන ලදි.  ඒ සදහා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ (නීති) අනූෂා සම්මන්දප්පෙරුම මිය හා දූෂණ විමර්ෂණ නිලධාරී නිපුනි තෙන්නකෝන් මිය යන අය සම්පත්දායකත්වය දක්වන ලදි.