මුදල් කොමිෂන් සභාවේ හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ මහා නගර සභාවේ නිරීක්ෂණ චාරිකාව - 2024.02.28

කොළඹ මහා නගර සභාවේ රාජකාරි වපසරිය හා සිදු කරනු ලබන කාර්යභාරය පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා 2024.02.28 වන දින මුදල් කොමිෂන් සභාවේ  ලේකම් ඒ. ටී. එම්. යූ. ඩී. බී. තෙන්නකෝන් මහතා ඇතුළු එහි නිලධාරි කණ්ඩායමක් ද කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඩී.පී. විමලසේන මහතා ඇතුළු  එහි නිලධාරි කණ්ඩායමක් කොළඹ මහා නගර සභාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී, කොළඹ මහා නගර සභාවේ මුල්‍ය කළමනාකරණය, සෞඛ්‍ය සේවා සහ අපද්‍රව්‍ය කළමනාකරණය යනාදී සියලුම අංශයන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්  නාගරික කොමසාරිස් ජේ.එම්. භද්‍රානි ජයවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා කොළඹ මහා නගර සභාවේ දෙපාර්තමේන්තු හා අංශ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන්  සිදුකරන ලදී.

ඉන් අනතුරුව මුදල් කොමිෂන් සභාවේ හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ කොළඹ මහා නගර සභාවේ දෙපාර්තමේන්තු හා අංශ ප්‍රධානින් එක්ව කොම්පඤ්ඤ‍වීදියේ රෝග නිවාරණ දෙපාර්තමේන්තුව සහ බෙහෙත්ශාලා සංකීර්ණය, දෙමටගොඩ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරය, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව, නාගරික කර්මාන්තශාලාව, බොනවිස්ටා බහුකාර්ය මධ්‍යස්ථානය, මාළු කඩේ පොම්පාගාරය යනාදී ස්ථාන රැසක ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක නිරත විය.