ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන - 2024

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කොළඹ මහ නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුව, ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ස්වදේශීය ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන කොළඹ 15, මෝදර මාතෘ නිවාසයේදී මාර්තු 07 වැනිදා පැවැත්විණි.

මෙම වැඩසටහන කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ජේ.එම්. භද්‍රානි ජයවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. එහිදී, කොළඹ මහා නගර සභාවේ දෙපාර්තමේන්තු හා අංශ ප්‍රධානීන්, මහජන ආධාර දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ මෝදර මාතෘ නිවාසයේ ගැබිණි මව්වරුන් සහභාගී වුහ.

තවද, ස්වදේශීය ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුව මගින් "ගැබිණි භාවය සහ සතුටින් ජීවත් වෙන්නේ කොහොමද" යන මාතෘකාව යටතේ දේශනයක් හා  මහජන ආධාර දෙපාර්තමේන්තුව විසින් සංගීත රසාස්වාද වැඩසටහනක් ද පවත්වන ලදී.