මහා කොළඹ අප ජල කළමනාකරණ ව්‍යාපෘතිය නිරීක්‌ෂණ චාරිකාව

මහා කොළඹ අප ජල කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ පොම්පාගාර 4ක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ලබා දී ඇති ප්‍රතිපාදන මත කොළඹ මහා නගර සභාව විසින් ව්‍යාපෘති ආරම්භ කර කටයුතු කරනු  ලැබේ.

ඒ අනුව, වර්තමානයේ  ඉදිකරමින් පවතින බොරැල්ල, මාලිගාවත්ත සහ විට්ස්වයික් යන  පොම්පාගාර ද, ඉදිකර අවසන් කල   වනාතමුල්ල  පොම්පාගාරයෙදී ප්‍රගතිය  නිරීක්‌ෂණය කිරීමේ  ක්ෂේත්‍ර චාරිකාවක් 2024 අප්‍රේල් මස 17 වන දින පැවැත්වුණි.

මෙම අවස්ථාවට  බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් එස්.එල්.දම්මිකා කේ විජයසිංහ  මහත්මිය, බස්නාහිර පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් සමන්ති සදීකා මහත්මිය , කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ජේ.එම්.භද්‍රානි ජයවර්ධන මහත්මිය, කොළඹ මහා නගර සභාවේ දෙපාර්තමේන්තු හා අංශ ප්‍රධානින් සහ ඉංජීනේරුවරුන් සහභාගී විය.