වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට AstraZeneca දෙවන මාත්‍රාව හෙට දිනයේ සිට.

වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට AstraZeneca දෙවන මාත්‍රාව  හෙට දිනයේ සිට.
 
කොළඹ මහ නගර සභාවේ ගරු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ඉල්ලීමකට අනුව, ඇස්ට්‍රා සෙනිකා (AstraZeneca) එන්නත් මාත්‍රා තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොළඹ මහ නගර සභාව වෙත ලබා දීම සිදුකරනු ලැබු අතර එම එන්නත්,  හෙට දිනයේ සිට එනම් 2021.06.28 දින සිට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රා සෙනිකා පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට  දෙවන මාත්‍රාව  ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.
 
ප්‍රධාන වශයෙන් මධ්‍යස්ථාන දෙකක මෙම එන්නත්කරණය සිදු කරනු ලබන අතර පළමු මධ්‍යස්ථානය උතුරු කොළඹ සහ මැද කොළඹ ප්‍රදේශ ආවරණය වන පරිදි සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේත්, බොරැල්ල, බටහිර කොළඹ සහ නැගෙනහිර කොළඹ ආවරණය වන පරිදි කිරුළපණ මුගලන් පාරේ සිතුමිණ ප්‍රජා ශාලාවේ දී ද එන්නත් ලබාදීමට සියලු කටයුතු සිදානම් කර ඇත. 
 
ඔබ විසින් පළමු එන්නත ලබා ගැනීමේදී ලබාදුන් දුරකථන අංකය වෙත COVID VACCINE යනුවෙන් SMS පණිවිඩයක් මගින් දිනය, වේලාව සහ ස්ථානය ලැබෙන අතර එන්නත්කරණය සදහා පැමිණීමේදී එම SMS පණිවිඩය රැගෙන ඒම අත්‍යවශ්‍ය වන අතර  එන්නත්කරණ කාඩ්පත සහ ජාතික හැඳුනුම්පත රැගෙන ඒම ද අත්‍යවශ්‍ය වේ.