2022 වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම

2022වර්ෂයේ කොළඹ මහා නගර සභාවේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය ගරු නගරාධිපතිනි රෝසි සේනානායක මැතිනිය, ගරු නියෝජ්‍ය නගරාධිපති එම්.ටී.එම්.ඉක්බාල් මැතිතුමා ඇතුළු ගරු නාගරික මන්ත්‍රීතුමන්/තුමියන්ගේ සහ නාගරික කොමසාරිස් නීතීඥ රෝෂණී දිසානායක මහත්මිය ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන්ගේ ද සහභාගිත්වයෙන් 2022.01.03 වන දින කොළඹ මහා නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණි.
සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සමස්ථ කාර්ය මණ්ඩලයේම  සහභාගිත්වයෙන් ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් පසු උත්සවය ආරම්භ විය.  
සර්ව ආගමික චාරිත්‍ර සඳහා මූලිකත්වය ලබාදෙමින්, එම ආශිර්වාදයන් සමඟින් ගාම්භීර අන්දමින් මෙම උත්සව කටයුතු සංවිධානය කර තිබිණි.  නගර සභාවේ සියඵම නිලධාරීන් විසින් රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව/දිවුරුම ලබාදීමෙන් පසු ගරු නගරාධිපතිනිය, නියෝජ්‍ය නගරාධිපති සහ නාගරික කොමසාරිස්වරියගේ ද  සුබ ප්‍රාර්ථනා එක් කිරීමෙන් අනතුරුව කොළඹ මහා නගර සභාවේ 2022 වසර සඳහා රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.