කොළඹ මහා නගර සභාව විසින් පවත්වනු ලබන විදේශ රැකියා අරමුණු කරගත් පාඨමාලා සඳහා තෝරා ගැනීම

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජනතාව හා නගර සභා කාර්ය මණ්ඩලය  වෙනුවෙන් කොළඹ මහා නගර සභාව විසින් පවත්වාගෙන යනු ලබන විදේශ රැකියා අරමුණු කරගත් වැඩිහිටියන් රැකබලා ගැනීමේ (Elder caregiver) සහ භෝජනාගාර සේවක (Waiter) පාඨමාලා සඳහා සම්මුඛ පරීක්ෂණ 2023 ජනවාරි 28 හා 30 දෙදින තුළ පවත්වන ලදී. එම වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා වූ පාඨමාලාවෙන් සුදුසුකම් සහිත හැත්තෑ දෙනෙකු (70) කොළඹ මහා නගර සභා බල ප්‍රදේශයේ මහජනතාව අතරින් ද විසි දෙනෙකු (20) කොළඹ මහා නගර සභා කාර්ය මණ්ඩලයේ සුදුසු අය අතරින් ද තෝරා ගැනීමට නියමිතය. භෝජනාගාර සේවක  පාඨමාලාවේ පළමු කණ්ඩායම සඳහා කොළඹ මහා නගර සභා බල ප්‍රදේශයේ මහජනතාව අතරින් සුදුසුකම් සහිත තිස් දෙනෙකු (30) තෝරා ගන්නා ලදී.

තවද, 2023 පෙබරවාරි මස 19 වන දින විශේෂ අවශ්‍යතා ඇති දරුවන් (Special Need Child care), භෝජනාගාර සේවක (Waiter) සහ වැඩිහිටියන් රැකබලා ගැනීමේ (Elder caregiver) පාඨමාලාවන් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.