කාක දුපත වෙරළ උද්‍යාන පරිශ්‍රය විදේශීය සංචාරකයින්ගේ නැරඹුම් කලාපයක් බවට පත් කිරීම හා එම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන

කාක දූපත වෙරළ උද්‍යාන පරිශ්‍රය විදේශීය සංචාරකයන්ගේ නැරඹුම් කලාපයක් බවට පත් කිරීම හා එහි මාර්ගය ප්‍රතිසංස්කරණය  කිරිමේ වැඩසටහන කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ජෙ.එම්. භද්‍රානි ජයවර්ධන මහත්මියගේ ආරාධනයෙන්  කොළඹ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ  සංවර්ධන සභාවේ ගරු සභාපති  කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන් කාක දූපත පරිශ්‍රයේදී 2023.05.25 වන දින ආරම්භ කරන ලදී.

මෙම වැඩසටහන සඳහා නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාව, ජාතික ජලජීවී පර්යේෂණ ආයතනය, සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කාක දූපත නාවික හා යුද හමුදා කඳවුර, වෙරළ උද්‍යාන කළමනාකරණ ආයතනය, සාගර විශ්ව විද්‍යාලය හා ශ්‍රී බෝධිරාජාරාම විහාරය දායකත්වය දක්වයි.