විහාරමහා දේවී උද්‍යානය වටා දුම්රිය මාර්ගයක් ඉදිකිරීම

කොළඹ මහා නගර සභාවේ විහාරමහා දේවී උද්‍යානය වටා දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023 සැප්තැම්බර් 08 වන දින ක්ෂේත්‍ර චාරිකාවක් සිදු කරන ලදි. ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්, ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් ද ඒ සඳහා සහභාගී විය.

තවද, ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධ වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා කොළඹ මහා නගර සභාවේ කමිටු ශාලාවේදී රැස්වීමක් ද පැවැත්විණි.