විධිමත් කසළ කළමනාකරණය පිළිබඳ අනාගත පරපුර දැනුවත් කිරීම සහ එමඟින් මතුවන ගැටලු පිළිබඳව කොළඹ මහා නගර සභා බල ප්‍රදේශයේ පාසල් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ මහා නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ දිසා 02බී කාර්යාලයේ මෙහෙයවීමෙන් කොළඹ 10, සංඝරාජ මාධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා එම පාසලේ දරු දැරියන් සහ ගුරුභවතුන් සහභාගී වූ අතර කසල වෙන් කිරීම (දිරන, නොදිරන, ප්‍රතිචක්‍රීකරණ) ප්‍රයෝගිකව සිදුකරන ආකාරය සහ අප ජීවත් වන්නා වූ අවට පරිසරය පිරිසිදුව පවත්වාගෙන යන්නේ කෙසේදැයි යන්න ද ඹවුන් වෙත පැහැදිලි කරන ලදි. තවද පරිසර හිතකාමී කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව ද පූර්ණ වශයෙන් සහභාගී වූ පිරිස දැනුවත් කරන ලදි.
පාසල් දරු දැරියන් ඉතා උද්යෝගීමත්ව වැඩසටහන සඳහා සහභාගී වූ අතර නිවෙස්වල ජීවත් වන්නා වූ වැඩිහිටියන්ටද මෙම පණිවිඩය ගෙන යාමට එයින් දායකත්වයක් ලැබුණු බව ද නිරීක්ෂණය විය.