කොළඹ මහා නගර සභා බල ප්‍රදේශයේ ජීවත් වන මහජනතාව මෙන්ම දෛනිකව විවිධ කාර්යයන් සඳහා නාගරික බල ප්‍රදේශය වෙත පැමිණෙන පුද්ගලයින්ගේ කායික මෙන්ම මානසික සෞඛ්‍යය යහපත් ආකාරයෙන් පවත්වා ගැනීම සඳහා කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්ගේ සංකල්පයක් මත ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ස්වදේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව හා මහජන ආධාර දෙපාර්තමේන්තුව එකාබද්ධව " සුව දිවිය " ඒකාබද්ධ සෞඛ්‍ය සැලැස්ම ක්‍රියාත්මක කර ඇත.
මේ යටතේ "නාගරික මුලුතැන්ගෙය" මැයෙන් ගෘහණියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් දිසා අංක 01, 2B, 03, 04, 05 යන සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්හි ඔක්තෝම්බර් මස 15 සිට 21 දක්වා සතිය තුළදී මෙත්සඳ සෙවන මහල් නිවාසය (මෝදර), මාළිගාවත්ත මහල් නිවාසය, මොහිදීන් මස්ජීද් ළමා සුරැකුම් මධ්‍යස්‌ථානය, ෆෝබීස් පාර ළමා සුරැකුම් මධ්‍යස්‌ථානය , කිරුළපන ළමා සුරැකුම් මධ්‍යස්‌ථානය, කිරුළ මහල් නිවාසය, සහස්පුර ප්‍රජා ශාලාව සහ ශාන්ත අන්තෝනි මාවත, කොළඹ 03 යන ස්ථාන වලදී පවත්වන ලදි.
එහිදී බෝ නොවන රෝග පිළිබඳව හා පෝෂණීය ආහාර පිළියෙළ කිරීම, මිශ්‍ර ආහාර වේලක් හඳුන්වා දීම හා එහි වැදගත්කම, ලුණු , පිටි, සීනි භාවිතය අවම කිරීම, නීරක්තිය වළක්වා ගැනීමට යකඩ බහුල ආහාර ලබා ගැනීම, දෛනිකව සෞඛ්‍යමත් ආහාර වේලක් ලබා ගැනීමට හුරු පුරුදු කිරීම, නීරක්තිය අඩු කර ගැනීම සඳහා කළ යුතු පිළියම්, පෝෂණ කොටස් විනාශ නොවන ලෙස ආහාර පිළියෙල කිරීම, නිවැරදි පෝෂණය මගින් නීරක්තිය මගහරවා ගැනීම, නිරෝගී දරුවෙකු බිහි කිරීම, සමබල ආහාර වේලක් පිළියෙල කර ගැනීම සහ සුවපත් දිවියක් සඳහා නිවැරදි ආහාර පුරුදු ආදී මාතෘකා රාශියක් ඔස්සේ නාගරික ගෘහණියන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වන ලදි. මෙම දැනුවත් කිරීම් වැඩසටහන් සඳහා ඉහත සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්හි ගෘහණියන් විශාල පිරිසක් සහභාගී වුහ.
දිසා අංක 01 සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාස
.jpg)
.jpg)
.jpg)
දිසා අංක 2B සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාස
.jpg)
.jpg)
.jpg)
.jpg)
දිසා අංක 03 සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාස
.png)
දිසා අංක 04 සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාස
.jpg)
.jpg)
.jpg)
.jpg)
දිසා අංක 05 සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාස
.jpg)