පියයුරු පිළිකා සහ ගැබ්ගෙල පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මාතෘ හා ළමා සුබසාධන අංශයයේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරනු ලබන පියයුරු පිළිකා සහ ගැබ්ගෙල පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 නොවැම්බර් මස 01 වන දින පෙ.ව. 11.00 සිට ප.ව. 12.30 දක්වා කොළඹ මහා නගර සභාවේ "සපිරි පියස" ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

මෙම වැඩසටහන සඳහා දෙපාර්තමේන්තු/අංශ වල වයස අවුරුදු 35 - 45 වයස් කාණ්ඩවලට අයත් කාන්තා නිලධාරිනියන් සහභාගී විය. තවද, පියයුරු පිළිකා සහ ගැබ්ගෙල පිළිකා පිළිබඳව යම් ගැටළුවක් ඇති අයෙක් වෙතොත් එම ගැටළු නිරාකරණය කර ගැනීමටද ඔවුනට ඉඩ ප්‍රස්තාව සලසා දෙන ලදී.

YouTube link - https://www.youtube.com/watch?v=rf-3vALGPaU&t=2s