අන්තර් ප්‍රජා මණ්ඩල සහ ක්‍රීඩා භූමි ක්‍රීඩා තරඟවලදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩක / ක්‍රීඩිකාවන් ඇගයීමේ ත්‍යාග ප්‍රධානෝත්සවය

කොළඹ මහා නගර සභාවේ ක්‍රීඩා භූමි සහ විනෝදාංශ දෙපාර්තමේන්තුව විසින් 2023 වර්ශයේ පැවති අන්තර් ප්‍රජා මණ්ඩල සහ ක්‍රීඩා භූමි ක්‍රීඩා තරඟවලදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩක / ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා ත්‍යාග ප්‍රධානෝත්සවයක් දෙසැම්බර් මස 14 වන දින  ප. ව 4.00 සිට ප. ව 6.00 දක්වා මට්ටක්කුලිය බහුකාර්ය මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

මෙහිදී පාපන්දු, ක්‍රිකට්, පැසිපන්දු,  දැල්පන්දු, කායවර්ධන, මේස පන්දු, වොලිබෝල්, සවි එසවීම හා ශාරීරික යෝග්‍යතා, එල්ලේ සහ කැරම් යන ක්‍රීඩාවලින් ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමිණි.

මෙම වැඩසටහන සඳහා කොළඹ මහා නගර සභා නාගරික කොමසාරිස්, අධ්‍යක්ෂ  (ක්‍රීඩා හා විනෝදාංශ) ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ක්‍රීඩා භූමි සහ විනෝදාංශ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සහ අන්තර් ප්‍රජා මණ්ඩල සහ ක්‍රීඩා භූමි ක්‍රීඩා තරඟවලදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩක / ක්‍රීඩිකාවන්  සහභාහි විය.