බේකරි හා පේස්ට්‍රි පාඨමාලාව, ජයන්ත වීරසේකර මැහුම් පාඨමාලාව හා රජමල්වත්ත මැහුම් මධ්‍යස්ථානයේ A හා B පාඨමාලාවන්හි 2023 වර්ෂයේ වෘත්තීය පුහුණුව ලැබූ පුහුණුලාභීන්ගේ විසිර යෑමේ උත්සවය

නාගරික කොමසාරිස්තුමියගේ උපදෙස් පරිදි පුණ්‍ය කොමසාරිස්තුමියගේ මෙහෙය වීමෙන්   සංවිධානය කළ බේකරි හා පේස්ට්‍රි පාඨමාලාව,  ජයන්ත වීරසේකර මැහුම් පාඨමාලාව හා රජමල්වත්ත මැහුම් මධ්‍යස්ථානයේ A  හා B පාඨමාලාවන්හි 2023 වර්ෂයේ වෘත්තීය පුහුණුව ලැබූ  පුහුණුලාභීන්ගේ විසිර යෑමේ උත්සව පවත්වන ලදී.

එහිදී බේකරි හා පේස්ට්‍රි පාඨමාලාව හා ජයන්ත වීරසේකර මැහුම් පාඨමාලාව හදාරන ලද පුහුණුලාභීන් සඳහා කොළඹ මහා නගර සභාව මගින් වටිනා සහතික පත්‍රයක් පිරිනමන ලද අතර රජමල්වත්ත මැහුම් පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුලාභීන් NVQ Level 3 සහතික පත්‍ර විභාගය සඳහා  ඉදිරියේදී මුහුණ දීමට නියමිතය.