ජාතික වැදගත්කමකින් යුත් කර්තව්‍යයක් වන වාහන වායු විමෝචන පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව

කොළඹ මහා නගර සභාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල සමඟ එක්ව ජාතික වැදගත්කමකින් යුත් කර්තව්‍යයක් වන වාහන වායු විමෝචන පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2024.03.19 දින නව නගර ශාලාවේ දී පැවැත්විණි.

ඒ සඳහා සභාවේ සේවයේ නියුතු ඉංජිනේරු නිලධාරීන්, ප්‍රවාහන නිලධාරීන් සහ රියදුරු මහතුන් 200 දෙනෙකු පමණ පිරිසක් සහභාගී වූහ.