මාර්ග අලුත්වැඩියා නිරීක්ෂණ චාරිකාව

කොළඹ මහා නගර සීමාව තුල අලුත්වැඩියා කළ යුතු තත්වයේ පවතින මාර්ග ප්‍රමුඛතා ගතකර නාගරික කොමසාරිස්ගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ ඇත.

කොළඹ මහා නගර සභා සීමාව තුල ජීවත්වන ලක්ෂ හයක ජනගහයන මෙන්ම දෛනිකව කොළඹට පැමිණෙන තවත්  ලක්ෂ හයකට ආසන්න ජනතාවක්  සඳහා කාර්යක්ෂම හා ඵලදායි ලෙස භාවිතා කළ හැකි ආකාරයට මාර්ග පද්ධතිය නවීකරණය කිරීම තුලින් නව ආර්ථික විභාවතාවයන්ට අනුව පරිවර්තනිය නගරයක් ලෙස කොළඹ නගරය සංවර්ධනය කිරීමේ ජාතික සැලැස්මට අනුගත වෙමින් කොළඹ මහා නගර සභාව සිය සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරනු ලැබේ.

මෙලෙස ආරම්භ කරන ලද කොළඹ නගරයේ සෝන්ඩර්ස් පෙදෙස, ආමර් වීදීය, පංචිකාවත්ත ප්‍රදේශවල මාර්ග අළුත්වැඩියා කිහිපයක කටයුතු නිරීක්ෂණ සඳහා මාර්තු 15 දින ජනාධිපති උපදේශක  හා ගරු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මැතිතුමා හා නාගරික කොමසාරිස් ජේ.එම්. භද්‍රානි ජයවර්ධන මහත්මිය නිරීක්ෂණ චාරිකාව නිරත විය. සහකාර නාගරික කොමසාරිස් නදීකා දමයන්ති මහත්මිය, අධ්‍යක්ෂ ඉංජිනේරු (කර්මාන්ත) ඉංජි.ඒ.ඩී.එස්.රෝහන මහතා, ප්‍රධාන දිස්ත්‍රික් ඉංජිනේරු , දිස්ත්‍රික් කාර්යාලය 04 ඉංජි. එල්.බී.කුමුදුලාල් මහතා ,අධ්‍යක්ෂ ඉංජිනේරු (ජලාපවහන හා ජල සම්පාදන අංශය) ඉංජි ආර්.ඒ.ටී. රණවක මහතා, අධ්‍යක්ෂ ඉංජිනේරු (නගර සැලසුම්) ඉංජි අනුජ මෙන්ඩිස් මහතා, මාදම්පිටිය ඉංජිනේරු ඉංජි. එල්.පී.ආර්.සුරංග මහතා හා හිටපු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාහි වුහ.