කොළඹ නගරය සංචාරක ආකර්ශනය සහිත ස්ථානයක් බවට පත් කිරීම

කොළඹ නගරයේ සංචාරක ප්‍රවර්ධනය කිරීම සඳහා කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ජේ.එම්. භද්‍රානි ජයවර්ධන මහත්මියගේ උපදෙස්  පරිදි කොළඹ නගරයේ සංචාරක හා පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024 මාර්තු 21 වන දින කොළඹ මහා නගර සභා කමිටු රැස්වීම් ශාලාවේ දී පැවැත්විණි.

සංචාරක ප්‍රවර්ධනය සඳහා ආරම්භ කරන වැඩසටහනේ මුලික පියවර වශයෙන් පැවැත්වූ මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ ඩි. පි. දලුවත්ත මහතා, බස්නාහිර පළාත් පුරාව්ද්‍යා කාර්යාලයේ  නිලධාරී ජී.පි.එස්. ප්‍රසංග මහතා, ජාතික කෞතුකාගාරයේ අධ්‍යාපන වැඩසටහන් නිලධාරිනි එස්. යු. විද්‍යරත්න මහත්මිය, නාගරික කොමසාරිස් ජේ.එම්. භද්‍රානි ජයවර්ධන මහත්මිය, දෙපාර්තමේන්තු හා අංශ ප්‍රධානින් ඇතුළු කොළඹ මහා නගර සභා නිලධාරින් පිරිසක් සහභාහි වුහ.

මෙහිදී බස්නාහිර පළාත් පුරාවිද්‍යා කාර්යාලයේ  නිලධාරී ජී.පි.එස්. ප්‍රසංග මහතා විසින් කොළඹ නගරයේ සංචාරක හා පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳව දේශනයක් පවත්වන ලද අතර රැස්වු  කණ්ඩායමේ  යෝජනා අදහස් සහිතව ඉදිරි පියවර ගෙන  කොළඹ නගරය සංචාරක ආකර්ශනයක්  ඇති තැනක් බවට පත් කර ශ්‍රී ලංකා ආර්ථිකයට රුකුලක් වීමට අවශ්‍ය පියවර ගැනීමට ක්‍රියාකාරී සැලසුමක් සකස් කිරීමට කටයුතු කරන ලදී.