හිසතෙල් ගැල්වීමේ මහෝත්සවය

කොළඹ මහා නගර සභාවේ ස්වදේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන හිසතෙල් ගැල්වීමේ මහෝත්සවය කොළඹ 13, පරමානන්ද පුරාණ විහාරස්ථානයේදී  විහාරාධිපති දඹවිට විමලවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ජේ.එම්.භද්‍රානි ජයවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2024 ක් වූ අප්‍රේල් මස 15 වන දින පැවැත්විණි.

මෙම උත්සවය  සඳහා කොළඹ 13, පරමානන්ද පුරාණ විහාරාධිපති දඹවිට විමලවංශ නාහිමියන්, ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය නිලධාරි, හිටපු නාගරික මන්ත්‍රීවරුන් / මන්ත්‍රීවරියන් සහ නගර සභා නිලධාරීන්  කණ්ඩායමක් සහභාගී වුහ.