කොළඹ මහා නගර සභාවේ ප්‍රසම්පාදන විෂයය හා සම්බන්ධ නිලධාරීන් වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රමවේදය පිළිබඳ (දින 02) පුහුණු වැඩසටහනක්, ප්‍රධාන ගණකාධිකාරි (ප්‍රසම්පාදන) බී.එම්.එල්.එස්. බාලසූරිය මහතාගේ සම්පත්දායකත්වයෙන් 2024.07.12 හා 2024.07.16 යන දෙදින කොළඹ මහා නගර සභාවේ සහශ්‍ර මධ්‍යස්ථානයේ ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
මෙම පුහුණු වැඩමුළුව මඟින් පළාත් පාලනය පිළිබඳ හඳුන්වාදීම, පළාත් පාලන ආයතන අතුරින් කොළඹ මහා නගර සභාව සතු විශේෂත්වය හා සුවිශේෂී කාර්යභාරය හඳුන්වා දීම, කොළඹ මහා නගර සභා ගිණුම්කරන පද්ධතිය (MCAS System) පැහැදිලි කිරීම ,ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබද හඳුන්වාදීම හා දෙපාර්තමේන්තුමය වශයෙන් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සිදුකල යුතු කටයුතු සැලසුම්කරණය පිළිබඳ පැහැදිලි කිරීම, ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් එක් එක් දෙපාර්තමේන්තුව වශයෙන් සිදුකල යුතු කාර්යභාරය හා වගකීම් පිළිබඳ පැහැදිලි කිරීම, ප්‍රසම්පාදන ක්‍රමවේද හා ඒ සඳහා ගතවන කාල සීමාවන් පිළිබද හඳුන්වා දීම පිළිබඳ මූලික දැනුම ලබාදෙන ලදී.