කොළඹ මහ නගර සභාවේ සේවය කරනු ලබන සියලුම පරිපාලන නිලධාරීන් සඳහා යහපත් ගිණුම්කරණයක් පවත්වා ගැනීම, විගණනය හා විගනණය හා විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම පිළිබඳව න්‍යායික සහ ප්‍රායෝගික එක් දින පුහුණු වැඩමුළුවක් සහශ්‍ර මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී 2024 ජූලි මස 18 වන දින පවත්වන ලදි.
මෙම වැඩමුළුව නාගරික කොමසාරිස්ගේ උපදෙස් මත මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා රජයේ විගණන අධිකාරී, ප්‍රධාන අභ්‍යන්තර විගණක සහ නාගරික භාණ්ඩාගාරික විසින් සම්පත්දායකත්වය ලබා දෙන ලදි.