කොළඹ මහා නගර සභාව මඟින් නාගරික ජනතාව වෙත සිදු කරන සේවාවන් පිළිබඳව කොළඹ ප්රාදේශීය ලේකම් කාර්යාලය අනුබද්ධව ක්ෂේත්ර නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය ජූලි මස 31 දින කොළඹ මහා නගර සභාවේ නව ශ්රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී අදාල දෙපාර්තමේන්තු ප්රධානීන් ඔවුන්ව දැනුවත් කල අතර, දිවා ආහාරයෙන් පසු ක්ෂේත්ර නිරීක්ෂණ චාරිකාවකටද සහභාගී විය. මෙම වැඩමුළුව නාගරික කොමසාරිස්ගේ උපදෙස් මත මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදි.







