ජාත්‍යන්තර නිර්ණායක මත කොළඹ නගරය සංවර්ධන කිරීම අඩු ආදායම්ලාභී පවුල්වල ජිවන තත්වය නගා සිටුවීම

ශ්‍රී ලංකාවේ වාණිජ අග නගරය වන කොළඹ නගරය, ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුගතව ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් මෙහෙයවීම සඳහා කොළඹ මහා නගර සභාව "Global Colombo" නමින් ප්‍රමුඛ  ව්‍යාපෘතීන් මේ වන විට ආරම්භ කර ඇත.

ජාත්‍යන්තර නිර්ණායකයන් මත පදනම්ව දුප්පත්කමින් තොර නගරයක් යන සංකල්පයට අදාළව, කොළඹ නගරය ආශ්‍රිතව ජිවත්වන අඩු ආදායම්ලාභී පවුල්වල ජිවන තත්ත්වය නගාසිටුවීම පිණිය, දේශීය මෙන්ම විදේශිය රැකියා අවස්ථා ඉලක්කකර ගනිමින් කොළඹ මහා නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුව යටතේ වෘත්තීය පුහුණු පාඨමාලා (NVQ මට්ටමේ) රාශියක් ගාස්තු ගෙවීමකින් තොරව ක්‍රියාත්මක වේ.

එම පාඨමාලාවන්ට සිසු දරුවන් යොමු කරවා ගැනීම සඳහා නාගරික කොමසාරිස්තුමියගේ උපදෙස් හා මගපෙන්වීම අනුව කොළඹ අධ්‍යාපන කලාපයේ පාසැල්වල විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024.10.08 වන දින පෙ.ව. 10.00 ට කොළඹ මහා නගර සභාවේ නව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මේ අවස්ථාවට කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ජේ.එම්. භද්‍රානි ජයවර්ධන මහත්මිය, සහකාර නාගරික කොමසාරිස් එස්.එම්.ආර්. නදීකා දමයන්ති මහත්මිය, පුණ්‍ය කොමසාරිස්, ප්‍රධාන ගිනි නිවීම නිලධාරී සහභාගී විය.

සහකාර කොමසාරිස්  (ප්‍රජා සංවර්ධන) පළාත් පාලන දෙපාර්තමේන්තුව, කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ බස්නාහිර පළාත අධ්‍යාපන අධ්‍යක්ෂ, නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ  (සැලසුම්), කොට්ඨාශ අධ්‍යක්ෂ (කොළඹ මධ්‍යම), කොට්ඨාශ අධ්‍යක්ෂ  (බොරැල්ල), කොට්ඨාශ අධ්‍යක්ෂ  (කොළඹ උතුර) සහ කොළඹ නගරයේ  පාසල් 95 ක විදුහල්පතිවරුන්  ඇතුළු නියෝජිතයන්  සහභාගී විය.

ආරාධිත දේශක ලෙස  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්වාත්  උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ පීඨ සාමාජික ආචාර්ය සමන්ත රත්නායක මහතා සහභාගී විය.

එමෙන්ම, තිඔිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් ප්‍රියන්තා දිසානායක මිය සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ   පරිපාලන නිලධාරී මේම  අවස්ථාවට  සහභාගී විය.