මොරටුව විශ්ව විද්‍යාලයේ නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.කේ.එස්.මහානාම මහතා හා ජ්‍යෙෂ්ඨ කටීකාචාර්ය අමිල ජයසිංහ මහතා ඇතුළු මොරටුව විශ්ව විද්‍යාලයේ නගර හා ග්‍රාම නිර්මාණ විෂය හදාරණ අවසන් වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 70 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 2024.10.11 දින කොළඹ මහා නගර සභාවේ සාකච්ඡා වාරයකට පැමිණියහ.
ඒ අවස්ථාව සඳහා කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ජේ.එම් . භද්‍රානි ජයවර්ධන මහත්මිය, නාගරික ලේකම් එස්.එම්.ආර්. නදීකා දමයන්ති මහත්මිය, අධ්යක්ෂ නගර සැලසුම් ඉංජි. අනුජ මෙන්ඩිස් මහතා, නාගරික තක්සේරුකරු ලලිත් ද සිල්වා මහතා හා අධ්යක්ෂ සංවර්ධන එස්.කේ.කරුණාතුංග මෙය හා ප්‍රධාන වාස්තුවිද්‍යාඥ ප්‍රියංකා රණතුංග මහත්මිය හා නීති නිලධාරී ඒ.එම්. එන්. සිල්වා මහත්මිය ද සහභාගි විය.
කොළම මහා නගර සභා බල ප්‍රදේශයේ පවතින සංවර්ධන විහවතාවයක් ඇති ඌන සංවර්ධිත ඉඩම් හඳුනාගෙන එම විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විසින් එම ඌන සංවර්ධිත ඉඩම් වෙනුවෙන් තම අධ්‍යයන වාර්තාව සඳහා ඉදිරිපත් කරන යෝජනා, කොළඹ සංවර්ධනය සඳහා ප්‍රායෝගිකව උපයෝගී කර ගැනීමට කටයුතු සූදානම් කිරීමට දෙපාර්ශවයම එකඟ විය.
සාමාජීය දැනුම සහිත නව තරුණ ප්‍රජාවගේ යෝජනා කොළඹ නගරයේ සංවර්ධනයට ඉවහල් වනු ඇතැයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහානාම මහතා මෙන්ම නාගරික කොමසාරිස් ජේ.එම්.භද්‍රානි ජයවර්ධන මහත්මිය ද අපේක්ෂා කරයි.