මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවිධානය යටතේ කොළඹ මහා නගර සභාවේ ආරක්ෂක නිලධාරීන් 18 දෙනෙකු සඳහා කලුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය මගින් නේවාසික පුහුණු පාඨමාලාවක් පවත්වන ලදි. එය 2024 නොවැම්බර් 25 වන දින සිට දෙසැම්බර් 02 වන දින දක්වා දින 10ක පුහුණු වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වු අතර එහිදී එම ආරක්ෂක නිලධාරීන් සඳහා සාර්ථක ගිනි අවි පුහුණුවක් ද ලබා දෙන ලදී.
එම පුහුණු වැඩසටහනේ සමාප්ති අවස්ථාව සඳහා කොළඹ මහා නගර සභාව නියෝජනය කරමින් අධ්‍යක්ෂ (මානව සම්පත් සංවර්ධන) ඇතුළු කාර්ය මණ්ඩලයෙහි නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී විය.









