අක්‍ෂි කාච බද්ධ කිරීමේ වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ රෝග නිවාරණ දෙපාර්තමේන්තුව සහ බටහිර කොළඹ රොටරි සමාජය එක්ව සංවිධානය කරනු ලබන අක්‍ෂි කාච බද්ධ කිරීමේ වැඩසටහන යටතේ රෝගීන් පරීක්ෂා කිරීම 2024.12.10 දින වත්තල සිංහ සමාජයෙහි අක්‍ෂි රෝහලේදී පවත්වන ලදී.

ඒ වෙනුවෙන් කෙටි උත්සවයක් ද 2024.12.10 වන දින පෙ.ව 10.00 ට රෝග නිවාරණ දෙපාර්තමේන්තුවේ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුන.

මෙම උත්සවයට නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා, ප්‍රධාන වෛද්‍ය නිලධාරී (බෙහෙත් ශාලා) වෛද්‍ය එස්.ගනේෂ් මහතා, වෛද්‍ය කේ. ශ්‍රි ප්‍රතාපන් මහතා, වෛද්‍ය සසිකලා මහත්මිය ඇතුළු රෝග නිවාරණ දෙපාර්තමේන්තුව නිලධාරීන් හා බටහිර කොළඹ රොටරි සමාජයේ සභාපති ඒ. බාල්රාජ් මහතා, මෙම ව්‍යාපෘතියේ සභාපති කරුණාකරන් මහතා ඇතුළු බටහිර කොළඹ රොටරි සමාජයේ සමාජිකයන් සහභාගී විය.