කොළඹ මහා නගර සභාවේ 2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කිරීමේ විශේෂ රැස්වීම 2024.12.13 වන දින කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ශාලාවේදී පවත්වන ලදී.
කොළඹ මහා නගර සභාවේ 2025 වර්ෂය සඳහා අයවැය, කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අතර, මෙම අවස්ථාවට කොළඹ මහා නගර සභාවේ නාගරික භාණ්ඩාගාරික ශිරෝමා නන්දනී මහත්මිය, නියෝජ්‍ය නාගරික කොමසාරිස් (ඉංජිනේරු සේවා) ඉංජි. ඒ.ඩී.එස්.රෝහණ මහතා, නියෝජ්‍ය නාගරික කොමසාරිස් (පාලන) ඉලූෂා ගාල්ලගේ මහත්මිය, නාගරික ලේකම් නදීකා දමයන්ති මහත්මිය ඇතුල් දෙපාර්තමේන්තු හා අංශ ප්‍රධානීන් සහභාගී වූහ.




