NVQ 3 සහ NVQ 4 සහතිකපත් ප්‍රදානෝත්සවය

කොළඹ මහා නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුව මඟින් පවත්වාගෙන යනු ලබන තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ශිල්පී, රූපලාවන්‍ය හා කේශාලංකරණ, පෙර පාසල් ගුරු පුහුණු, මැහුම් යන වෘත්තීය පුහුණු පාඨමාලා සාර්ථකව හදාරා අවසන් කරන ලද පුහුණුලාභීන් 113කු සඳහා NVQ 3 සහ NVQ 4 සහතිකපත් ප්‍රදානෝත්සවය 2025/01/23 වන දින පෙ.ව 10.00ට මහජන පුස්තකාල ශ්‍රවණාගාරයෙහි නාගරික කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් අභිමානවත්ව පවත්වන ලදී. පුණ්‍ය කොමසාරිස් ශශිනි ජයනෙත්ති මහත්මියගේ අධීක්ෂණයෙන් හා මහජන ආධාර දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් පවත්වනු ලැබු මෙම උත්සවය සඳහා කොළඹ මහා නගර සභාවෙහි දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද සහභාගී වුහ.